
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ උපාලි රණවීර)
දොම්පෙ දෙල්ගොඩ දී බස්රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
නාවික හමුදා බසයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයෙන් තිදෙනකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනකු මියගොස් ඇත. නිවික හමුදා බසය ත්‍රිරෝද රථයක ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප: උපාලි රණවීර)

