හමුදා ප්‍රවීනයන් දෙදෙනකුගේ බිරින්දෑවරුනට උපහාර


(ඉන්දිකා රාමනායක)

දේශප්‍රේමිත්වයෙන් යුත් යුද හමුදා ප්‍රවීනයන් ලෙස ජාතියේ ප්‍රසංශාවල හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න රණවිරුවාන්ගේ බිරින්දෑවරුනට ගෞරව බුහුමන් දැක්වීමේ අවස්ථාවක් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

යුද හමුදාපත් ලුතිනන් ජෙනරාල්  විකුම් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ලලී කොබ්බෑකඩුව සහ මානෙල් විමලරත්න යන මහත්මීහු සහභාගී වූහ.

යුද හමුදාවේ ආරාධනාව පිළිගෙන යුද හමුදා මුලස්ථාන පරිශ්‍රය වෙත පැමිණ ලලී කොම්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න යන මහත්මීන් යුද හමුදාපතිවරයා දෙපා නැමැද පිළිගත්තේය.

යුද හමුදා ඉතිහාසය‍ෙ හමුදාපතිවරයකු ගෞරව බුහුමන් පුද කළ ප්‍රථම අවස්ථාව මෙය බව හමුදා හමුදාව පවසයි.

යුද හමුදාධිපති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම උත්සවයට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකි ලියනගේ මහත්මිය ද සහභාගී වූවාය. 

යුද්ධ හමුදා සේවා වනිතා ඒකක සංවිධානය කර තිබු, අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙත ජුකී යන්ත්‍ර සහ පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් වෙනුවෙන් ද ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න මහත්මිය වෙත ආරාධනා කරනු ලැබිණි