
(නිමල් ජයරත්න)
පොලොන්නරුව සුංගාවිල ප්‍රධාන මාර්ගයේ 14 වෙනිදා සවස 5.00ට පමණ වී වේලමින් සිටි ගොවින් දෙදෙනෙකු හමුදා ට්‍රැක්රථයක ගැටි සිදුවු අනතුරෙන් එම ගොවින් දෙදෙනා බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති බව පුලස්තිගම පොලිසිය කියයි.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ අල් හිලාල්පුර, තඹාල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක් හා 55 වයසති ගොවීන් දෙදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.
මෙම අනතුරට හේතුව යුද හමුදා ට්‍රැක්රථයේ රියැදුරුට නින්ද යෑම බවත්, රියදුරු සමග හමුදා ට්‍රැක්රථය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
රියදුරු හෙට 15 වෙනිදා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පුලස්තිගම පොලිසිය සදහන් කරයි.

