(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලේ දී අද සිදු කළ සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක පමණ ගෙඩියක් ඉවත් කළ බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතා කීය.
හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කළ සැත්කමකින් මෙම ගෙඩිය ගර් භාෂයෙන් එළියට ගෙන ඇත.
සැත්කම සිදුකල විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා අදහස් දක්වමින් කියා සිටියේ 49 හැවිරිදි මෙම කාන්තාව ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ තමා හමුවට පැමිණි බවත්. උදරයේ විශාලත්වය හා හුස්ම ගැනීමේ අපහසු තාවය ඇති බවද දන්වා සිටිය.
වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර අවශ්‍ය ස්කෑන් පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හෙලි විමෙන් පසුව මෙම සැත්කම (19) දිනයේ දි හම්බන්තොට මහ රෝහලේ දි සිදු කළ.
රෝගියා සුවයෙන් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා කීය.

