(සනත් ගමගේ)
හම්බන්තොට අම්බලන්තොට යන ප්‍රදේශ වලට දැනෙන සේ භූකම්පනයක් (23) රාත්‍රී සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති .
රාත්‍රී 12.40 ට පමණ නිවෙස්වල දොර ජනෙල් වීදුරු සෙල වී ගිය බව එම ප්‍රදේශවල පදිංචිකරුවෝ පවසති.
හම්බන්තොට මූලස්ථාන පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටියදී මෙම භූ චලන සිදු වූ බව තමාට දැනුනු බවයි.
තත්පර කිහිපයක් පමණක් අධික ශබ්දයක් සිදු වූ බව ද ජනතාව පවසති.
භූ කම්පනය සිදුවීමෙන් කිසිදු දේපලකට හෝ පුද්ගලයකුට හානියක් සිදුවී නොමැති බව මෙතෙක් වාර්තා වී නැතැයි පොලිස් ස්ථාන කිහිපයකින් විමසීමේදී සඳහන් කළේය.

