
(සනත් ගමගේ)
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගොවීහු පවසති.
සහනාධාර මුදල් ගෙවා ඇති ගොවීන්ට මෙවරත් රුපියල් 15000 ක් පමණක් ගිණුම්ගත වි ඇති බවත්, වැඩි වූ රුපියල් 10,000 ක මුදල නොමැති බවද ගොවීහු සඳහන් කරති.
මඩවැඩ ආරම්භ කිරිමේ දි මඩ පොහොර මිලදී ගැනිමට මුදල් අවශ්‍ය වන බැවින් සහනාධාර මුදල් නොලැබීමෙන් ගොවීන්ට පොහොර මිලදි ගැනිමට හැකියාවක් නැතිව තිබෙන හෙයින් අත කනකර උගස් තබා ණය වි පොහොර මිලදී ගැනීමට සිදුව ඇති බවද ගොවීහු පවසති.
තිස්සමහාරාය. කිරිඳිඔය ව්‍යාපාරයේ දකුනු සහ වම් ඉවුර . රිදියගම ව්‍යාපාරය, ලියන්ගස්තොට ඇතුළු සුළු වාරිමාර්ග ව්‍යාපෘතිවල මෙවර මහ කන්නයේ වගා ආරම්භ කරමින් පවතින අතර වී වගාවන් සඳහා පොහොර සහනාධාර මුදල් බැංකු ගිණුම් වෙත කොටසකට නොලැබී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කරති.

