( ජී ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල හබරාදුව ප්‍රදේශයට අද (04) ඇදහැලුන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ලියනගොඩ ඇළ මාර්ග අවහිර වීමේ හේතුවෙන් පිටාර ගලා නිවාස කීපයක්ම ජලයෙන් යටවී ඇතැයි ගාල්ල ආපදා කලමනාකාරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම තත්ත්වය හබරාදුව කටුකුරුන්ද ග්‍රාම නිලධාරි වසමේ නිවාසවලට වැඩි වශයෙන් බලපා ඇති බව ද වාර්තා වී තිබේ. ආපදාවට පත් අයට සහන කටයුතු ග්‍රාම නිලධාරීවරුන් සහ සහන සේවා නිලධාරීන් මගින් සිදු කිරීමට කටයුතු කර තිබේ.