හබරාදුව පොලිසියේ වහළය කඩා වැටෙයි


(ජේ.කේ.එල්. චාමින්ද)

හබරාදුව පොලිසියේ වහළයේ කොටසක් ඊයේ කඩාවැටි ඇතැයි පොලිසිය පවසයි.

වහලයේ මැද කොටස සදහා යොදා තිබු පරාල දිරාපත්විම නිසා වහලයේ කොටසක් කඩා වැටි ඇති අතර මින් පොලිස් ස්ථානයේ කිසිදු නිලධාරියෙකුට අනතුරක් වි නොමැති බවද පොලිසිය කියයි.

වහලයේ වර්ග අඩි 500ක පමණ කොටසක් කඩා වැටි ඇති අතර මේ වනවිට එහි අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින බවද පොලිසිය පවසයි.