හංවැල්ලට කුඩු බෙදූ කෙරුමා මාට්ටු


(ඉන්දිකා රාමනායකP

හංවැල්ල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහපරිමානයෙන් මත්කුඩු ජාවාරෙම් නිරත හිටපු හමුදා සෙබළකුත් රුපියල් 70 ට අධික වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් එක්කයට ලද තොරතුරකට අනුව  හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් ග්‍රෑම් 16 ට ආසන්න ප්‍රමාණයක් හා ජාවාරම සදහා භාවිතා කළ ජංගම දුරකතන තුනක් නිලධාරීන් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා පාදුක්ක පොලිසියට බාර දී ඇත.