සේනා දළඹු විශේෂය මඬින්න මිලියන 50 ක්


(නාලක සංජීව දහනායක)
 
සේනා නැමැති ආක‍්‍රමණික දළඹු විශේෂය මර්දනය සඳහා අවශ්‍ය කෘමිනාශක වර්ග මිළදී ගැනීම සඳහා රුපියල් මිලියන පනහක මුදලක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම දළඹුවන් මර්දනය සඳහා කෘමිනාශක වර්ග හතරක් හඳුන්වාදී තිබෙන අතර දළඹුවන් බෝකරනු ලබන සලබයන් අල්ලාගැනීම සඳහා විශේෂිත උගුලක් ද හඳුන්වා දී තිබෙන බවද අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වනවිට ඩ්‍රෝන තාක්‍ෂණය යොදාගනිමින් කෘමිනාශක ඉසීම අත්හදා බලා ඇති අතර එය සාර්ථක වන ලකුණු පහළවී තිබෙන බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.