(රංජන් කස්තුරි)
ලංකා විදූලිබල මණ්ඩලය රජයේ හෝ විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව නව කොන්දේසි පනවා පියස මත ඉදිකරන සූර්යබල ව්‍යාපෘති අඩපන කිරීමේ කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇතැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංවිධානය චෝදනා කරයි.
ලංකා විදුලි බල මණ්ඩලය අප්‍රේල් මස 8 වැනි දින චක්‍රලේඛනයක් නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛනය අනුව අනුව අප්‍රේල් මාසයෙන් පසුව කර්මාන්ත ශාලාවක සංචාරක හෝටලයක හෝ කාර්යාල ගොඩනැගිල්ලක පියස මත ඉදිකිරීමට යෝජිත සූර්ය බල පද්ධතියේ ධාරිතාවය නිර්ණය කරන්නේ එම පරිශ්‍රය විසින් පසුගිය මාස හය ඇතුළත එක් විදුලි බිලක් තුළ වැය කළ වැඩිම කිලෝවොට් ඒකක ප්‍රමාණයට බවද සඳහන් කර ඇත.

