සුළුපියා සිඟිති පුතා මරාදාලා


(සුමිත් පොතුපිටිය සහ ප්‍රේමතිලක පෙරමුණ)

වයස අවුරුදු තුනහමාරක දරුවකුට නිදි යහනේදී පහරදී ගෙල මිරිකා ඝාතනය කළැයි කියන සුළුපියාගේ සිරුර ගසක එල්ලෙමින් සිටියදී හමු වූ බව මීගහතැන්න පොලිසිය පවසයි .

වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති එම්.නෙතුම් සස්සර නැමති පිරිමි දරුවකු සහ හලෝවිට හේවගේ සචිත්ත නමැති 21 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇතැයි බව පොලිසිය කීය.

මියගොස් ඇති දරුවාගේ මව පියාගෙන් වෙන්ව ගෙලවැලලාගෙන මියගොස් ඇති පුද්ගලයා සමග එකට ජීවත්වන බවද සදහන් වේ.

ඇය අද උදෑසන සිය 10 හැවිරිදි දරුවා පාසලට ඇරලවා නිවසට පැමිණෙන අතරතුර ඝාතනය සිදුව ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.

දරුවාගේ මළසිරුර මීගහතැන්න ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර , පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහල වෙත යොමුකිරීමට නියමිත බව රෝහලේ ප්‍රකාශයකයෙක් පැවසීය .

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුනි .