(යොහාන් භාසුර)
ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් අද (6) මධ්‍යම රාත්‍රියේදී පමණ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ විට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර පැවතිය හැකි බවත් විටින් විට සුළගේ වේගය පැයට කිලෝමීටර 75 ත් 80ත් දක්වා වැඩිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (06) සවස 2.30 ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා බලපැවැත්වෙන බව ද සඳහන් කරයි.

