ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිරින් රික්ටර් මාපකයේ ඒකක 7.3ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන තිබේ.
එරට වේලාවෙන් අලුයම 3 ට පමණ මීටර් 84 ක් ගැඹුරින් මෙම භූමි කම්පාව හටගෙන ඇත.
භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර බලපෑ ප්‍රදේශ වල ජනතාවට ඉවත් වන ලෙස උපදෙස් දී තිබේ.පසුව එය ඉවත් කර ඇත.ඉන්දුනීසියාවේ පඩන්ග් නගරයට භූමි කම්පාව දැඩිව බලපෑ ඇත.
භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවද පැවැසෙයි.

