සුන්බුන් ගොඩක් වූ මනම්පිටිය නගරය


(නිමල් ජයරත්න)

පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගග පිටාර ගැලීමෙන් අඩි හයක් පමණ ජල කඳකින් යට වූ මනම්පිටිය නගරයේ ගංවතුර 30 වෙනිදා උදෑසන විට සම්පූර්ණයෙන්ම බැසගොස් ඇති අතර, ඇති වූ ගංවතුර හේතුවෙන් මනම්පිටිය නගරයේ වෙළඳසැල් සහ නිවාස රැසක් කැඩී විනාශ වී තිබේ.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ තවදුරටත් ජලයෙන් යටව පවති.

ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව මනම්පිටිය දුම්රිය ස්ථානයයටද දැඩි අලාබ හානි සිදුව ඇති අතර මනම්පිටිය නගරයේ නවතා තිබූ නවීන මෝටර් රථයක් සහ ජීප් රථයක් සහ යතුරු පැදි කීපයක් ගසා තිබෙන ආකාරයද දක්නට ලැබිණි.

මනම්පිටිය ප්‍රදේශයේ ගංවතුරට ගසාගෙන ගොස් ගස් උඩ රැඳී සිටි සුනඛයන් කිහිපයකුද ප්‍රදේශයේ වාසියෙකු විසින් බේරා ගැනිණි,