සී.අයි.ඩීය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි


(ඉන්දිකා  රාමනායක)

අරලියගහ මන්දිරය ඉදිරිපිට දී සහ ගාලුමුවදොර   දී  ඉකුත්  මැයි මස (09) දින සිදු  සිද්ධියට අදාළව  හිටපු අමාත්‍ය  ජොස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය 4 ට  ආසන්න  කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක්  සටහන් කරගෙන ඇත.

අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව.  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිට ඇති අතර ,  පස්වරු 1.00  දක්වා ප්‍රකාශය ලබාගෙන ඇත.