සිසුන්ට මත්කරල් විකිණු අයෙක්ට වැඩ වරදී


(සුමිත් පොතුපිටිය) 

කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

එම මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවත් , එම කරල්  රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කර ඇති බව පොලිසිය කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .