සිවිල් ආරක්ෂක හිටපු නියාමක-නියාමකවරියක් ඇතුළු 4ක් නිධන් හාරලා


(දයාරත්න ඇඹෝගම)

කොක්මඩුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් ලබා ගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ හිටපු නියාමකවරියක් හා හිටපු නියාමකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොක්මඩුව,නොච්චියාගම හා රත්දොළුගම පදිංචි වයස අවුරැදු 30ත්45ත් අතරවියේ පසුවන පුද්ගලයන් සිවුදෙනෙකි.

මෙම පුද්ගලයන් සිවු දෙනා අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කාන්තා නියාමකවරියක් හා හිටපු නියාමකවරයෙකුද සිටින බව පොලිසිය පැවසිය.

කැණිම් කිරිම සදහා සැකකරැවන් විසින් භාවිතා කළ උදළු,අලවංගු,වැනි උපකරණ කිහිපයක් හා දුම්මල කබලක්,මල් ප හන් ඇතුළු පුජා භාණ්ඩ කිහිපයක්ද පොලිසිය මෙහිදි සිය බාරයට ගෙන තිබේ.