සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට


(සුජිත් හේවාජුලිගේ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය  ඉල්ලීමක් කර ඇත

සිය පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමඟ සාන ගතවී තරග කළ බැවින් ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් එම පෙරමුණ සමග දීර්ඝව  සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පැවසීය

මේ තත්වය මත එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිරිනැමීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට හිටපු මන්ත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා පත් කෙරිණ.