සිල්වියෝ බර්ලුස්කෝනි සමුගනී


( ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට )

ඉතාලියේ හිටපු අග්‍රාමිත්‍යවරයෙක් වූ සිල්වියෝ බර්ලුස්කෝනි අද(12) දා මිලානෝ සන් රෆේල් රෝහලේ දී මියගියේය.

සිල්වියෝ බර්ලුස්කෝනි ඉතාලි දේශපාලඥයකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ අතර හතර වතාවක් ඉතාලියේ අගමැති දුරය හෙබැවීය.

මිය යන විට වයස අවුරුදු 86 ක් වු අතර ඉතාලි ජනරජයේ සෙනෙට් සභිකයකු ද විය. ඔහු අගමැති දුරය හොබවන කාලසීමාව තුළ, නොයෙකුත් රට වලින් සංක්‍රමණය වන විදේශීය සරණගතයන් සදහා විශේෂ නිතී සම්පාදනය කරමින් ඔවුන් තම රට වැසියන් සේ රැක බලා ගැනීමට කටයුතු කිරිම නිසා ඉතාලියේ පදිංචි විදේශිකයන්ගේ ආදරය දිනා ගත්තේය.