ශ්‍රී ලංකාවේ පවතින කෞතුකාගාර සියල්ල නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කෞතුකාගාර 11ක් වසා දැමෙනු ඇත.
කොරෝනා වයිරසය පාලනයට රජය ගෙන යන ක්‍රියාමාර්ග අනුව යමින් මෙම පියවර ගත් බවද බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව,
කොළඹ 07 පිහිටි ජාතික කෞතුකාගාරය
ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය
රත්නපුර ජාතික කෞතුකාගාරය
මහනුවර ජාතික කෞතුකාගාරය
ගාල්ල ජාතික කෞතුකාගාරය
ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය
අනුරාධපුර ජන කෞතුකාගාරය
කොළඹ 07 නිදහස් චතුරස‍්‍රයේ පිහිටි නිදහස් අනුස්මරණ කෞතුකාගාරය
පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය
හම්බන්තොය මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය
පිටකොටුව ඕලන්ද යුග කෞතුකාගාරය යන කෞතුකාගාර 11 තාවලිකව වසා තැබෙන බව කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

