
රත්ගම සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට ගිය බස් රථයකට දළ ඇතකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලූම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ
ඇතා පහර දීම හේතුවෙන් බස් රථයේ පැමිණි 30ක් පමණ බැතිමතුන් අතරින් එක් තරුණියකට විදුරු කෑලි වැදි සුළු තුවාල සිදුව ඇතැයි සිතුල්පව්ව පොලිස් මුරපොලේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ සම්බන්ධව සිතුල්ව්ව රජ මහා විහාරයේ විහාරාධිපති මැටරඹ හේමරතන නායකයන්ගෙන් අප කළ විමසීමේ දී උන්වහන්සේ පැවසුවේ ඔය කියන සිද්ධිය සත්‍ය බවත් මේ කපිල නැමැති දළ ඇතා පසුගිය වසර තුනක් පමණ තුළ වාහන 500කට අධික ප‍්‍රමාණයකට මේ අයුරින් පහර දී බැතිමතුන් හිරිහැරයට හා කරදරයට පත් කර ඇති බවයි
මෙම ඇතා මෙම ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලෙස අදාල අංශ වෙත ලිපි මගින් හා වාචික වසර ගණනාවක් සිට ඉල්ලූම් කළත් මෙතෙක් පලක් නොවු බව සිතුල් පව්ව විහාරාධිපති නාහිමියෝ වැඩිදුරටත් පැවැසූහ


