සිගරැට් මිල අද ඉහළ යයි


(යොහාන් භාසුර)

සියලුම දේශීය සිගරැට් වර්ගවල මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

වැට් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගැනීම නිසා නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දමන බව කී එම නිලධාරියා පැවසුවේ සිගරැට් වර්ගය අනුව මිල වැඩිවීම තීරණය වන බවත්ය.

සිගරැට් වර්ගය අනුව වැඩිවන මුදල අද රාත්‍රී ප්‍රකාශයට පත්කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.