
(තිලකරත්න දිසානායක)
සැමියකු සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දැමීම නිසා ප්‍රතිකාර සඳහා වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා කකුල බද්ද කළ නොහැකි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරියගේ පාදය කපා දමා ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකගේ බවත් මෙම කාන්තාව ඒ අවස්ථාවේම රෝහල් ගත කළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
රෝගියාගේ තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ, රෝගී කාන්තාව රෝහල්ගත කිරීමට ප්‍රමාදවීම මත වෙන්ව ගිය පාදය බද්ධ කිරීමේ හැකියාවක් නොමැති බවත් ඇය දැඩි සත්කාර ඒකකයෙහි වැඩි දුර ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.

