
(යොහාන් භාසුර)
සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම සඳහා පොලිස් නිලධාරීන් සහ සම්පත් අයුතු ලෙස යොදාගනිමින් පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් දූෂණයක් කර ඇද්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.
තරුණ නීතිඥ සංගමයට සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට අනුබද්ධ ‘මර්දනයට එරෙහි ක්‍රියාකාරී කමිටුව’ පසුගිය මස 22 වැනිදා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අදාල විමර්ශනය ආරම්භ කර ඇති බවත් එම කොමිසම කීය.

