මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් කඳුකඩා වැටීම් , නාය යාම්, ජලගැලීම් ආදී ස්වාභාවිත විපත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තාවෙයි.
වාර්තා වු ඒවැනි සිදුවීම් කිහිපයක් පහත දැක්වෙයි .
(සමන් පාලිත නානායක්කාර )
අධික වර්ෂාව සමග අද 20 අලුයම පස් කන්දක් නාය යාම හේතුවෙන් පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ විසිපස් වැනි කිලෝමීටර කණුව ආසන්නයෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇතැයි පස්සර පොලීසිය කියයි.
මේ හේතුවෙන් වාහන ධාවනය කළ හැක්කේ එම මාර්ගයේ විසිපස් වැනි කිලෝමීටර කණුව දක්වා පමණක් බව පස්සර පොලීසිය කියයි.
කඩා වැටී ඇති පස් කඳු කඩිනමින් ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
මේ අතර ලුණුගල බිබිල මාර්ගය සහ බදුල්ල වැලිමඩ මාර්ගය නාය ගිය ස්ථාන තවමත් අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

