(යොහාන් භාසුර)
රට තුළ පවතින සහල් පිටි මාෆියාව නතර කිරීමට බලධාරීන් මැදිහත්විය යුතු බවත් සහල් පිටිවලට ද පාලන මිලක් පැනවිය යුතු බවත් සහල් ව්‍යාපාරික එම්. එස්. එම්. සනූර් මහතා පැවසීය.
තුන්වැනි පාර්ශවයක් ගොවීන්ගෙන් අඩු මිලට තෙත වී ලබාගෙන ඒවා සහල් පිටි බවට පත්කර කිලෝවක් රුපියල් 325 සිට ඉහළ මිලට අළෙවි කරන බව කී සනූර් මහතා එම පිරිස ලබන මිලියන ගණනින් වන ලාභය පිලිබඳව කිසිවකු කථා නොකරන බව ද සඳහන් කළේය.