(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හන්තාන සීමාවේ පිහිටි ඉහළ කඳු මුදුනේ පිහිටි නිවාඩු නිකේතනයක් අසලින් රාත්‍රී කාලයේ හන්තාන කඳු තරණයට ගිය බව කියන තරුණියක මහත් පරිශ්‍රමයක් දරා විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ සහ ශිෂ්‍යයන් බාරයට ගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියයි .
හන්තාන සීමාවේ පිහිටි එම නිවාඩු නිකේතනය අසලින් ඊයේ රාත්‍රී 7.00ට පමණ තරුණියක ගමන් කරන බවදැක ඇති එම නිවාඩු නිකේතනයේ සේවකයන් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය හන්තාන තරණය කිරීමට යන බව පවසා පිටත්ව ගොස් ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි .
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ සහ ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ තරුණිය ගමන් කළ ගමන් මාර්ගය ඔස්සේ කිලෝ මීටර් දෙකක් පමණ හන්තාන කඳු මුදුන තරණය කර එම තරුණිය සොයාගෙන තිබේ .

