(මනෝප‍්‍රිය ගුණසේකර)
මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරී 26 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (13) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය. හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
මෙලෙස අධිකරණයේ පෙනී සිටියේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ය.
මෙම නඩුව කැඳවන ලබන පෙබරවාරී 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන පෙරේරා මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ තනුක නන්දසිරි, යොහාන් පීරිස්, භාග්‍යා පීරිස්, ශානක පෙරේරා, සුසිත රණසිංහ, ගයානි විජේසුරිය, තිළිණ මෙන්ඩිස්, උපුල් කුමාරප්පෙරුම, ලාල් කුලරත්න යන මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතීඥවරුන් වන සාලිය පීරීස්, නලීන් ලද්දුවහෙට්ටි යන මහත්වරු පෙනී සිටියහ.