(ටී.කේ.ජී.කපිල )
සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ යැයි සැක කෙරෙන චීන ජාතික ගුවන් මගියෙකු , මෙරටට පැමිණීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකය නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අද(/24 ) ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
මොහු 28 හැවිරිදි චීන ජාතිකයෙකි.
පරිගණක උපාංග විශාල ප්‍රමාණයක් ද රැගෙන පැමිණි මොහු පිළිබද ඇති වූ සැකය මත ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්ණ කිරීම් වලදී , ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ හා සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු හමු වීමට තමා පැමිණි බව පවසා තිබේ .
තවදුරටත් ප්‍රශ්ණ කිරීමේදී ජාත්‍යන්තර සයිබර් මූල්‍ය වංචා ජාලයක සුළමුළ අනාවරණය වීමත් සමගම , මොහු අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීම සදහා ඔහු පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.