
(අංජුල මහික වීරරත්න)
සමුපකාර සංවර්ධන කොමසාරිස්/ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සමූපකාර සංවර්ධන කොමසාරිස්/ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරිනි එච්. ඒ. ආශා හපුආරච්චි මෙනෙවිය එම තනතුරෙන් මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ඇය එම තනතුරෙන් මුදා හැරීමටත්, ඒ හේතුවෙන් පුරප්පාඩු වන සමූපකාර සංවර්ධන කොමසාරිස්/සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුර සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරක දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි තරණි කුමාරදාස මහත්මිය පත් කිරීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

