සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක


(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රකට පරිසර සංරක්ෂණවේදියෙකු වන නයනක රන්වැල්ල මහතා පත් කර ඇත.

එයට අදාල පත්වීම් ලිපිය සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉකුත්දා නයනක රන්වැල්ල මහතා වෙත පිළිගන්වනු ලැබීය.

නයනක රන්වැල්ල මහතා ලංකාවේ සිටින ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම පරිසර අරගල ගණනාවකට නායකත්වය දුන් ප්‍රකට පරිසර සංරක්ෂණවේදියෙකු ද වේ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය  නයනක රන්වැල්ල මහතා වෙත ලබා දුන් අයුරැ ඡායාරූපයේ දැක් වේ.