සජබ කූඨ ලේඛන හැදුවයි ඩයනා සී.අයි.ඩීයට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට  කූට ලේඛනයක් ලබාදී ඇතැයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මෙි සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බව කී ඩයනා ගමගේ මහත්මිය කූඨ ලේඛන හදා තියෙන්නේ කවුදැයි  කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවද සඳහන් කළාය.

'මම කිසිදිනක  මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ.මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? කවුද මගේ අස්සන ගැහුවෙි. මෙය බරපතල වරදක්.මම අදටත් සමගි සමගි ජනබලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනෙකුට එය අයින් කරන්න බැහැ"යනුවෙන්ද ඩයනා  ගමගේ මහත්මිය කීවාය.