සංවර්ධන කටයුතු සඳහා වැලි මදි


(විනීතා එම් ගමගේ)

ජාතික සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වැලි හිඟයක් පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.

2021 සිට 2025 වර්ෂය දක්වා සිදුවන සංවර්ධන කටයුතු සඳහා පමණක් වැලි ඝන මීටර් මිලියන පණස්පහක් අවශ්‍ය වෙතත් ලබා දිය හැකි බවට හඳුනාගෙන ඇත්තේ ඝන මීටර් 41 ක් පමණකැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව වැලි හිඟයක් පවතින බවත් වැලි ‍‍ලබා ගැනිමේ විකල්ප හ්‍ඳුනාගැනීමට අවශ්‍යව පවතින බවත් අමාත්‍යවරයා කීය.

මේ අතර වැව්වලින් හාරා ඉවත් කෙරෙන පස් ගෙන ගොස් තෙත් බිම් හා කළපු ගොඩ කිරීමේ ජාවාරමක් පිළිබඳ වාර්තා වී ඇති බවත් ඍජුව සම්බන්ධතාවක් නැතත් ඒ පිළිිබඳ සොයා බලන්නැයි පොලිසියට උපදෙස් දුන් බවත් කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන්නැයි භූ විදයා හා පතල් කැණීම් කාර්යංශයට ද උපදෙස් දුන් බවත් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පරිසර අමාත්‍යංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.