සංචාරක වීසා මත ආ ඉන්දීයානුවන් 5 ක් අල්ලති


(සිතුම් චතුරංග)

         

සංචාරක වීසා මත මෙරටට පැමිණ මුලතිව් නගරයේ හා කුමලමුනෙයි ප්‍රදේශයන් හි සැරිසරමින් සාස්තර හා විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත ඉන්දීය ජාතිකයින් පස්දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.

මෙම පිරිස මුලතිව් ප්‍රදේශයේ නිවාස වෙත ඇතුළු සාස්තර කියමින් මුදල් ඉපැයීම සිදුකර ඇති බවත් තවත් කිහිපදෙනකු විවිධ ව්‍යාපාර කරමින් මුලතිව් ප්‍රදේශයේ රැදී සිට ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සැකකටයුතු පිරිසක් මුලතිව් හි සැරිසරන බවට මුලතිව් මූලස්ථාන පොලිසිය වෙත ලැබුණ පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී සැකකාර ඉන්දීය ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඉන්දීය ජාතිකයින් පිරිසට වලංගු සංචාරක වීසා බලපත්‍ර තිබී ඇති අතර මොවුන් එලෙස පැමිණ මුදල් ඉපැයීම සිදුකරගෙන ගොස් ඇති බවද කීය.  

අත්අඩංගුවට ගත් පිරිස විවිධ ජාවාරම් සඳහා සම්බන්ධතාවයක් පවතින්නේ ද යන්න සොයා විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.

පොලිස් අත්අඩංගුවටපත් ඉන්දීය ජාතිකයින් පිරිස තමිල්නාඩු , එළුදුම්පූර්  හා මධුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ව්‍යාපාරවල යෙදීම යන චෝදනා යටතේ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මුලතිව් පොලිය වැඩිදුර විමර්ශන සිදුකරයි.