(එම් .සුසිල් ප්‍රියන්ත)
සංචාරක ව්‍යාපාරයට සහන ඉල්ලා අද (8) හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
උද්ඝෝෂණ තහනම් කර තිබියදීත් මේ උද්ඝෝෂණය පැවැත්වීම විශේෂත්වයකි.
මේ උද්ඝෝෂණය පැවැත්වීමට පෙර ප්‍රචාරක රථයකින් අද (8 ) පැවැත්වෙන උද්ඝෝෂණයට කිසිවෙකුටත් සහභාගී නොවන ලෙසත් මේ උද්ඝෝෂණය සදහා අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙන ඇති බවත් පවසමින් ප්‍රචාරයක් ද යනු දක්නට ලැබිණ.
එහෙත් මේ උද්ඝෝෂණය පැවැත්වෙද්දී ගන්නා ලදැයි කියන තහනම් නියෝගය ගෙනෙහැර පෑමට කිසිම අදාළ බලධාරියෙකු පැමිණ සිටියේ නැත.
උද්ඝෝෂණය පැවති අතර තුර එයට ආරක්ෂාව සැලසීමට මෙන් හික්කඩුව පොලීසියේ ජීප් රථය එහා මෙහා යනු දක්නට ලැබිණ.
සමගි ජන බලවේගය පක්ෂය සංවිධානය කර තිබූ මේ උද්ඝෝෂනයට හික්කඩුව නාගරික මන්ත්‍රී ආරාධනා ලාල් සහ රත්ගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී දුලාජ් තරංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.
සංචාරක ව්‍යාපාරයට සහන ඉල්ලා හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිට කළ උද්ඝෝෂනයෙන් අනතුරව උද්ඝෝෂකයෝ පෙලපාලියකින් බස් නැවතුම් පොළ සිට හික්කඩුව මාලු අලෙවි සැල දක්වා පාගමනින් පැමිණයහ.
එහෙත් ඊටද පොලීසියෙන් බාධාවක් දක්නට නොලැබුනු අතර උද්ඝෝසකයෝ එම ස්ථානයේ මාධ්‍ය අදහස් දක්වා විසිර ගියහ.