(සුජිත් හේවාජුලිගේ )
නිරෝධායන හෝ සංචරණ නීති කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව පවතින නීතිය යටතේ වසර හය කට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දස දහසක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.
සංචාර නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය මෙවර අකුරටම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය .
මේ අතර නිරෝධායන හෝසංචරණ නීති කඩ කරමින් කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එවැනි පැමිණිලි රැසක් දිවයිනේ පොලිස් ස්ථානවලට දැනටමත් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 448 දෙනෙකු පෙරේදා(12) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත .
මේ අනුව නිරෝධායන නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 8747ක් දක්වා ඉහළ යනු ඇත.මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ වාහන 145 ක සිටි 229දෙනකුට අවවාද කර ආපසු හරවා යැවූ බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාතේ ව්‍යායාම කරන ස්ථාන ,ගෘහස්ථ ක්‍රීඩාංගණ මද්‍යසාර අලෙවි සල් 380ක් පරීක්ෂාවට ලක් කර එම ස්ථානවල සිටි 1597දෙනකුටඅවවාද කර ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිරෝධායන නීති බරපතළ ලෙස උල්ලංඝනය කළ විසිපස් දෙනෙකු එම ස්ථානවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන් කළේය.

