(ඉන්දිකා රාමනායක)
අබලන් බහුදින යාත‍්‍රාවකින් නිති විරෝධි ලෙස මුහුදු මගින් ඕස්ටේ‍්‍රලියාව බලා යාමටත් උත්සහ කළ මෙරට සංක‍්‍රමනිකයන් 35 දෙනෙකු නාවික හමුදාව පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 25 දෙනකු, කාන්තාවන් 04 දෙනකු හා කුඩා දරුවන් 06 දෙනකු සිටි බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
නාවික හමුද පෙරේදා සවස් කාලයේ පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු බහුදින යාත‍්‍රාවක් නිරීක්ෂණ වී ඇති බවත්, එය නවත්වාගෙන වැඩිදුරටත් සොදිසි කිරීමේ දී එහි සිටි මෙම සංක‍්‍රමනිකයන් පිරිස අත්අඩංතුවට ගත් බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම යාත‍්‍රාව නාවික හමුදාව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ ද එහි එංජිමේ කාර්මික දේෂයක් නීරීක්ෂණ වු බවත්, මෙම යාත‍්‍රාව දීර්ඝ මුහුදු ගමනකට කිසිසෙත් නොසුදුසු තත්වයේ තිබු එකක් බවද නාවික හමුදාව පවසයි.