
(ටී.කේ.ජී.කපිල)
ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවිය .
මෙම ගුවන් ගමන සදහා එයා බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
එයා ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 දරන මෙම ගුවන් යානය අද අලුයම 04.00 ට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙක් සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙක් ද පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.



