(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ පහ වසරේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදිත වී ඇති බවට හඳුනාගැනීම නිසා එම පන්තිය වසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙනකු සහ පන්තිභාර ගුරුවරිය (1) අද හවස නිරෝධානයට සඳහා යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.
සිසුවියගේ මිත්තණිය ඉකුත් සෙනසුරාදා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සැත්කමකට භාජනය වීමට නියමිත හෙයින් ඉරිදා සිදු කළ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව ඇය කොවිඩ් ආසාදිත ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව ඇයව ප්‍රතිකාර සඳහා නෙවිල් පුනාන්දු රෝහලට යොමු කොට ඇත
දැරියගේ මිත්තණියගේ පළමුපෙළ ආශ්‍රිතයන් වන මෙම පාසල් සිසුවිය ඇතුළු ඇයගේ පවුලේ පිරිස පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයක් පෙන්නුම් කළ මෙම සිසුවිය කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.