ශාන්ති කර්මය අස්සේ ආතුරයා මරුට


(මහේෂ් කීර්තිරත්න,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරිමට ශාන්ති කර්මයක් කරන අතරතුර තැඹිලි ගෙඩි 21 පෙවීමෙන් ආතුර කාන්තාවක මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි (48);හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් එම ශාන්ති කර්මය සිදු කළ 25හැවිරිදි තරුණයකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු සුවපත් කිරීම සඳහා ශාන්තිකර්මයක් පවත්වා ඇත.

මෙම ශාන්තිකර්මය පුරා රාත්‍රියක් තිස්සේ පවත්වා ඇතැයි ද පොලිසිය පවසයි.