ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි


(ආරියරත්න රණබහු)

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එහි සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සන්ධානයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසු මධ්‍යය වෙත අදහස් දක්වමිනි .

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මතුව ඇති ජාතික ලැයිස්තු අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමඟ මෙම සාකච්ඡාව පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමඟ සන්ධානගත වී මැතිවරණයට තරග කළ බැවින් ඒ අනුව ලැබී ඇති මන්ත්‍රි සංඛ්‍යා වෙන් එකක් තම පක්ෂයට ලැබිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ද එක්ව සිටියේය.