ශ්‍රීලංකන් ප්‍රතිසංවිධානයට 12 කගෙන් යුත් කමිටුවක්



 
 
නාලක සංජීව දහනායක

 
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා හා අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 12 දෙනෙකුගෙන් යුතු කමිටුවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) පත් කළේය.


එම කමිටුවේ සභාපතිවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඞී.බී.පී.එච් දිසා බණ්ඩාර, වී.කනගසභපති, එල්.එස්.අයි ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්තම මහත්මීන් කටයුතු කරති.


ඒ අනුව  ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට ලබාදිය හැකිය. එම අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් කමිටුව විසින් සති දෙකක් අතුළතදී ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.