(ඩයනා උදයංගනී සහ රංජන් කස්තුරි)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරන ගුවන් නියමුවෙකුද කොරෝනා වැළඳී ඇති අතර ඔහු මේ වන විට අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම ගුවන් නියමුවා ඉකුත් දිනවල කටුනායක සිට සිංගප්පූරුව දක්වා ගුවන් ගමන් වාර කිහිපයක් ගොස් තිබෙන අතර ඉකුත්දා කොළඹ පැවැති පාසල් ක්‍රිකට් තරගයක් නැරඹීමටද සහභාගිවී ඇතැයි පැවසේ.
මේ අතර එම ගුවන් නියමුවා සමඟ සිටි අනෙකුත් ගුවන් කාර්ය මණ්‍ඩලයද මේ වන විට නිවෙස්වල තබා ස්වයං නිරෝධානයකකට ලක් කරන බවද පැවසේ.

