ශ්‍රී ලංකන් සමාගමට අමාත්‍යවරයාගෙන් දැඩි අවවාද


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා දෙකක් කාර්මික දෝෂයන්ට ලක්වීම පිළිබද පරීක්ෂණ දෙක කඩිනමින් නිම කර පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ඉදිරියට මෙවැනි තත්වයන් නොවීමට කටයුතු කරන ලෙස වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (24) උපදෙස් දුන්නේය.

ඕස්ට්්‍රලියාවේ මෙල්බන් නුවරදී ගුවන්යානයේ පරිගණක පද්ධතියේ තිබු දෝෂයන් නිසා යානය මෙල්බන් ගුවන්තොටුපලේ රඳවා තබාගැනීමට සිදුවු බවත් එම සිද්ධිය පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකන් ගුවන්සේවය අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා කීය.

එම පරිගණකයේ කොටස් නිෂ්පාදිත සමාගම වෙත යැවීමට මේ වන විට කටයුතු කර තිබෙන බැවින් එම පරීක්ෂණ නිම වු පසු වාර්තාව ප්‍රසිද්ධ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි ගමනට යොදගත් ගුවන්යානාවේ අභ්‍යන්තර පීඩනය පිළිබඳව ඇති වු ප්‍රශ්නයක් මත එම යානාව නැවත කටුනායක ගුවන්තොටුපල වෙත එවීමට සිදු වු බව ද සදඟන් කළේය.

 ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මෑතකදී  සිදුවු සිද්ධීන් පිළිබඳවත් එම අඩු පාඩු නිවරදි කර ගැනීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද (24) පෙරවරුවේ පැවැත්විණ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ පරිපාලනයත්, ඉංජිනේරු අංශයත්, සිවිල් ගුවන්සේවා අධිකාරියත්, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමත්, නියෝජනය කරමින් නිලධාරීහූ පිරිසක් සහභාගි වූහ.