ශ්‍රී අමර මහා විහාරයේ නව චෛත්‍යයට කොත් පැලඳවීමේදී..


ගණේමුල්ල ශ්‍රී අමර මහා විහාරයේ ඉදිකළ නව චෛත්‍යයට කොත් පැලඳවීමේ මහෝත්සවය විහාරාධිපති දඹගොල්ලේ මේධානන්දතිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි ඉකුත්දා 10 දින පැවැත්විණි.

පින්කමට සමගාමීව තිස් පැය හතේ පිරිත් දේශනාවක් 10 දින ආරම්භ වී 14 වැනිදා අලුයම 6.00 දක්වා පැවති අතර අනතුරුව උදෑසන මහ සඝ රුවන උදෙසා සංඝගත දක්ෂිණා පිංකමක්ද  පැවැත්විණි.

මෙම පිංකම් මාලාවේ ආරාධිත දේශනය වැලිතර ශ්‍රී අම්බරුක්ඛාරාමාධිපති ශ්‍රී අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ මහානායක ධූරන්ධර ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාස අහුන්ගල්ලේ විමලධම්මතිස්ස හිමියන් විසින් පැවැත් වූහ.

අනුරාධපුර ගල්කන්දේගම රජමහා විහාරය, ජම්බුවත්ත සිරිවිමල සෙනසුන් විහාරය, ගනේමුල්ල ශ්‍රී අමරමහා පිරිවනේ විහාරස්ථානය යන විහාරත්‍රයාධිපති, පණ්ඩිත දඹගොල්ලේ මේධානන්දතිස්ස හිමිගේ අනුශාසකත්වයෙන් පින්කම සංවිධානය කෙරුණු අතර ගනේමුල්ල සතර පේරුවේ දායක දායිකවෝ සහ ප්‍රදේශවාසීහු ප්‍රධාන දායකත්වය දැරූහ.