
(හෙන්රි ලයනල්)
ඉකුත් මස ඇති වූ මහා ගංවතුරෙ කැඩී ගිය ඇළහැර අමුණ ආශ්රිත මහවැලි ගඟේ මීටර් සීයක් පමණ වූ ඉවුර කොටස මාසයකට අඩු කාලයක් තුළදී වැලි කොට්ට ගසා නිම කිරීමෙන් පසු ඇළහැර අමුණ ඔස්සේ වැව් වලට ජලය නිකුත් කිරීම කෙරිණි.
ශ්රී ලංකා යුද හමුදා බට පිරිස් දිවා රාත්රී සිදුකළ මහා මෙහෙයුම සහ දිස්ත්රික්කයේ ගොවි සංවිධාන වල ශ්රම ශක්තිය සහ සහයෝගයෙන් තාවකාලික පිළියමක් ලෙස ඉදි වූ වැලි කොට්ට දමා ජලය නිකුත් කිරීම සඳහා යොදාගන්නා අතරම කැඩී ගිය එම ස්ථානයේ ස්ථීර බැම්මක් සකස් කිරීමද අද හෙටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ජලය නිකුත් කිරීමේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් එක් වූහ.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.