(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය සිය නිතීඥවරුන් මාර්ගයෙන් එම දඩුවමට එරෙහිව අභියාචන දැන්වීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකැණාවල මහතා ඉදිරියේ අද (27) ගොනු කළාය.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා නඩුව ලබන 30 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
මෙහිදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නිතීඥ මඩුල්ල ඉල්ලා සිටියේ තම සේවාදායිකාව අභියාචන සිරකරුවකු ලෙසින් බන්ධනාගාරය තුළ රඳවා තබන ලෙසටය. ඒ අනුව අධිකරණය එම ඉල්ලීමට ඉඩ ලබා දුන්නේය.
අධිකරණ කටයුතු නිමවීමෙන් පසු, විත්තිකාර ශෂී වීරවිංශ මහත්මිය අද (27) සවස 5.00ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථයකින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යනු ලැබුවාය.