(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
වර්තමාන දේශපාලන හා ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ යෝජනාවලියක් වෘත්තීයවේදීන් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී අද (1) පෙරවරුවේ බාරදෙනු ලැබීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එම නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණ.
රට ගොඩනැඟීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සඳහන් කෙරිණ.
මෙම පිරිසේ සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
දේශපාලන සමාජීය සමාජයීය සහ ආර්ථික අර්බුදයට කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග සහ ජනතා හිතකාමී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
සියලු අමාත්‍යාංශවලට නිශ්චිත ඉලක්කයන් සහිත සංවර්ධන වැඩපිළිවෙළක් වාර්ෂිකව ලබා දී එම ඉලක්කයන් හි ප්‍රගතිය ත්‍රෛමාසිකව විමර්ශනයට පියවර ගත යුතු බව වෘත්තීය වේදීහු පෙන්වා දුන්හ.
වසර අවසානයේ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වාදී ඇත.
මේ සාකච්ඡාවට මහාචාර්ය පාතේගම ඤාණිස්සර විටියල කවිධජ යන හිමිවරුද අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක යන මහත්වරුද ජාතික ප්‍රතිපත්තියක් සඳහාවූ වෘත්තිය එකමුතුව නියෝජනය කරමින් වෛද්‍ය අසෝක ජයසේන නීතිවේදි නෙළුම් වේරගොඩ සහ අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීහු සහ තරුණ කණ්ඩායමක්ද සහභාගී වූහ.