IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


පිටකොටුව බස් නැවතුම සංවර්ධනය ගුවන් හමුදාවට

(අංජුල මහික වීරරත්න)

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළෙහි ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මගී නැවතුම්, රියදුරු - කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති මේ‍ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත්ව ඇත. එම තත්ත්වය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ භාවිත කරනු ලබන මගී ජනතාවට මෙන්ම රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. 

එබැවින්, පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හා වර්තමානයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම දැඩි කාලීන අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා රුපියල් මිලියන 425 ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

 ඒ අනුව, 'Clean Sri Lanka' වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතන වල දායකත්වයෙන් හා සහයෝගිතාවයෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (4)

පිටකොටුව බස් නැවතුම සංවර්ධනය ගුවන් හමුදාවට

පන්සිළු Tuesday, 05 August 2025 02:09 PM

මතකද එක්තරා කාලයක එකෝමත් එක රටක යම් පුද්ගලයෙක් කට උල් කර කර අත ගුලි කර කර කෑ ගැහුවා. හමුදාව වෙනත් වැඩවලට යොඳා ගන්නවා කියලා.

:       2       3

idr tharangaTuesday, 05 August 2025 04:33 PM

ඒ බන් සාරි කට්ට ගහන්නයි සාරි පොට උස්සන් යන එක ගැනනෙ කිව්වේ...

:       0       3

Jayasekara Tuesday, 05 August 2025 02:28 PM

තනිකරම නරා වලක්. ඔය ලංකාවේ ලස්සන බලන විදේශිකයෝ දැක්කොත් දුවයි.

:       0       6

Neel Tuesday, 05 August 2025 04:31 PM

නරාවලක් බිහිවන තැනට එන්න පාර කැපුවේත් අපිම තමයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site